අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්

දිස්ත්‍රික්ක 06 ක අද සිට විශේෂ ‍ඩෙංගු මර්ධන වැඩසටහන්

by Staff writer 27-11-2019 | 7:45 AM

COLOMBO ( News 1st )  - දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොළඹ, ගම්පහ, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 06ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී වනු ඇත. එම ඩෙංගු මර්ධන වැඩසටහන අද සිට දින 06 ක් පුරා ක්‍රියාත්මක කෙරෙන බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය. වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇති අතර, වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 කට අධික ය.