ඉන්ධන මිල සූත්‍රයට මොක ද වෙන්නේ..?

by Staff writer 27-11-2019 | 6:22 PM
COLOMBO (News 1st) : ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිල සූත්‍රය හරහා ජනතාව මුලා කර ඇති බවයි.
"තෙල් සූත්‍රය නම් ඉවත් කරනවා. බොහොම පැහැදිලියි ඉවත් කරනවා. තෙල් සූත්‍රය කියන එකට මිනිස්සු මුලා කරපු සූත්‍රයක් මංගල සමරවීරගේ. ඒ තෙල් සූත්‍රය ක්‍රියාත්මක කරන්න තියන්නේ නෑ.. අපි බොහොම පැහැදිලිව" https://www.youtube.com/watch?v=f-KVSj3McmQ