ගල්ගමුවේදී යාල්දේවී පීලිපනී

ගල්ගමුවේදී දුම්රිය මැදිරි 5 ක් පීලිපනී

by Staff writer 27-11-2019 | 5:38 PM
COLOMBO (News 1st) : කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මැදිරි 5 ක් පීලිපැන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී, ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පස්වරු 3 ට පමණ ගල්ගමුව ප්‍රදේශයේදී එම දුම්රිය පීලිපැන ඇති බවයි. සිද්ධියෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවට වාර්තා වන දුම්රිය සාමානාධිකාරීවරයා සඳහන් කළේ ය.