by Staff writer 27-11-2019 | 3:21 PM
COLOMBO (News 1st) : ඕමානයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෟහ සේවිකාවන් 42 ක් අද උදෑසන දිවයිනට පැමිණියහ.
එලෙස පැමිණි පිරිස අතර තම වැටුප නිසි ආකාරව නොලැබුණු පිරිස් මෙන්ම හාම්පුතුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්වූවෝ ද වෙති.
අදාළ පිරිස හිරිහැරයන්ට ලක්වීමෙන් අනතුරව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අධීක්ෂණය යටතේ පවතින මධ්‍යස්ථානවල රඳවා ඉන් අනතුරුව දිවයිනට එවීමට පියවර ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා බලධාරීන්ගේ මැදිහත්වීමෙනි.