මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ප්‍රධාන අමාත්‍යවරයෙක්

ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට නව ප්‍රධාන අමාත්‍යවරයෙක්

by Staff writer 27-11-2019 | 9:47 AM

News 1st - ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට ශිව් සේනා පක්ෂ ප්‍රධානී උද්ධව් තැකරි සූදානම් වේ.

ඒ, මීට දින කිහිපයකට පෙර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හදිසියේ දිව්රුම් දුන් භාරතීය ජනතා පක්ෂයේ දේවේන්ද්‍ර ෆඩ්නාවිස් සිය ධූරයෙන් ඉවත්වීමත් සමග ය. ප්‍රාන්ත ආණ්ඩුව තුළ බහුතර බලය තමන් සතු බව ඊයේ පස්වරු 5 ට ඡන්ද විමසීමක් පවත්වා තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට නියම කර තිබියදී ඔහු මෙලෙස ධූරයෙන් ඉවත් වූ බව සඳහන් ය. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ, භාරතීය ජනතා පක්ෂයට ප්‍රාන්ත ආණ්ඩුවේ බහුතරය නැති බවත් දේවේන්ද්‍ර ෆඩ්නාවිස් ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්කිරීම නීතිවිරෝධී බවත් පවසමින් ශිව්සේනා කොංග්‍රස් පක්ෂය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි . බහුතර බලය සතු කවුරුන්දැයි විමසීමට පවත්වන ඡන්දයේදී අකටයුතුකම් සිදුවීම වැළැක්වීමට එය සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. මෙම නියෝගයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශා හදිසියේ හමුව දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට පණිවිඩයක් යැවූ බව සඳහන් වේ. ඉන්පසු බහුතර බලය දිනාගැනීමට හා ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට අපොහොසත් වීම හමුවේ දේවේන්ද්‍ර ෆඩ්නාවිස් සිය ධූරයෙන් ඉවත් විය. ඒ, අනුව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිව්රුම්දීමට නියමිත උද්ධව් තැකරි හෙට දිවුරුම් දීමට නියමිතව තිබේ. ඔහු ප්‍රකාශ කළේ, තමන් කිසිවිටෙකත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාවීමට නොසිතූ බවත්, මේ වෙනුවෙන් කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධිට ස්තූතිවන්ත වන බව ය. ශිව්සේනා පක්ෂ සාමාජිකයෙකු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්වන්නේ දශක දෙකකට පසුවයි . ඊයේ පස්වරුවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ද හමුවූ ඔහු ප්‍රාන්ත රජය පිහිටුවීමට බහුතර බලය තමන් සතුබව කියා සිටියා . අද පෙරවරු අටට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුවේ අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිව්රුම් දීමට නියමිතයි .