අන්තර් සමාජ රග්බි තරග වාරයේදී නිල් කාඩ්පතකුත්

අන්තර් සමාජ රග්බි තරග වාරයේදී නිල් කාඩ්පතකුත්

by Staff writer 27-11-2019 | 3:19 PM
COLOMBO (News 1st) : එළඹෙන අන්තර් සමාජ රග්බි තරග වාරයේදී රතු සහ කහ කාඩ්පත්වලට අමතරව නිල් කාඩ්පතක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව හොංකොං රාජ්‍යය සහ මැලේසියාවෙන් පසු රග්බි තරග සඳහා නිල් කාඩ්පත හඳුන්වා දුන් තුන්වන ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති. නිල් කාඩ්පත විශේෂයෙන් හඳුන්වා දී ඇත්තේ තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට හිසේ ආබාධයක් ඇති වූ විට ඔහුව එම අවස්ථාවේදී පිටියෙන් ඉවත් කොට නැවත ක්‍රීඩා කළ හැකි තත්ත්වයට පැමිණි පසු ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දීමටයි. නිල් කාඩ්පතක් පෙන්වීමෙන් අනතුරුව වෛද්‍ය කමිටුවෙන් එම ක්‍රීඩකයා මුදා හරිනතුරු ඔහුට වෙනත් කිසිම තරගයකට සහභාගී වීමේ අවස්ථාව අහිමි වේ. මේ අනුව එම ක්‍රීඩකයා පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා රග්බි කමිටුවේ වාර්තා පොත් සහ නිල වෙබ් අඩවිවල සටහන් කිරීමට නියමිතයි. මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන 29 වැනි දින ආරම්භ වීමට නියමිතයි.