COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඔ දි මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා කළ
ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීහු එහිදී ප්‍රශ්න කර සිටියහ.
ප්‍රශ්නය : - විමල් වීරවංශ මැතිතුමා වැඩ භාර ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කරා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ආණ්ඩුවක් යටතේ අත්සන් කරන්නේ නෑ කියන ස්ථාවරයේම ඉන්නවා කියලා.?
ඊට ලක්ෂමන් යාපා මහතා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"ඒක රජයේ ප්‍රතිපත්තියක් වෙන්න බෑ. අපිට කියන්න බෑ ඒක"
ඒ සම්බන්ධයෙන් අනුර පියදර්ශන යාපා මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.
"එතුමා බොහොම සෘජු ප්‍රකාශයක් කරල තියෙනවා. ඒ තමයි අපි සියලුම රාජ්‍යයන් සමග මිත්‍රනම් ආරක්ෂා කර ගන්න ඕන. අපි තව රාජ්‍යයක තියෙන ගැටුමකට මැදි වෙන්න වුවමනාවක් නෑ. අනික් කටයුතු සම්බන්ධයෙන් රජයට අවාසි වන කිසිම ගිවිසුමකට එළඹෙන්නේ නෑ කියන එක කියල තියෙනවා. ඒ අනුව ඒ පදනම මත සාකච්චා කරයි. ඒ ගැන අපි කියන්න දන්නෑ"
https://www.facebook.com/NewsfirstSL/videos/428694704492942/