රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම හෙට

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම හෙට

by Staff writer 26-11-2019 | 5:56 PM
COLOMBO (News 1st) : නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට සිදුවේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, හෙට පෙරවරු 9.00ට ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවන බවයි. මීට අමතරව නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද, හෙට දිනයේ සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.