ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධුරය මොහාන් සමරනායකට

මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

by Staff writer 26-11-2019 | 6:39 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ඊයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ රාජකාරී ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ සමරනායක මහතා වසර 5ක පමණ කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ ද කටයුතු කළ අයෙකි. අනතුරුව කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ  ප්‍රධානියා ලෙස දිගුකලක් සේවය කළ ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය ද හෙඹවීය.