මුහුදු යාමේදි ධීවරයින්ට සැළකිලිමත්වන්නැයි උපදෙස්

මුහුදු යාමේදි ධීවරයින්ට සැළකිලිමත්වන්නැයි උපදෙස්

by Staff writer 26-11-2019 | 10:34 AM

COLOMBO ( News 1st ) - එක් දින හා කුඩා යාත්‍රා අද දිනයේ ධීවර කටයුතු සඳහා යාමේදී සැලකිලිමත් වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය මහතා පැවසුවේ, දිවයින වටා ඇතැම් මුහුදු ප්‍රදේශ රළුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි. ගිඟුරුම් සහිත වැසි සමග කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.