"මැතිවරණයත් සමග ජනමත විචාරණයක් ද පැවැත්විය යුතුයි"

මැතිවරණයත් සමග ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව පාත්ෆයින්ඩර් පදනම කියයි

by Staff writer 26-11-2019 | 10:03 PM
COLOMBO (News 1st) : නව රජය මහ මැතිවරණයත් සමග ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වන වගන්තිය යටතේ මේ සඳහා ප්‍රතිපාදන ලබා ගත හැකි බවයි. ඔහු යෝජනා කිහිපයක්ද නිවේදනයේ සදහන් කර තිබේ. 1. වඩාත් සුදුසු වන්නේ, ජනාධිපති මූලික කරගත් පාර්ලිමේන්තු ක්‍රමයක්ද හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් ද යන්න. 2. පළාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම 3. මනාප ක්‍රමය අහෝසි කර, මහමැතිවරණයට සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් ආදේශ කිරීම. 4. ආගමික, ජනවාර්ගික හා කලාපීය විවිධත්වයට අදාළ ජාතික ගැටලු විසඳීම සඳහා සෙනෙට් සභාවක් පිහිටුවීමට සහාය වීම, අදාළ යෝජනා අතර වේ.