by Sagarika Chathumali 26-11-2019 | 6:23 PM
COLOMBO (News 1st) : මාලි රාජ්‍යයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා සෙබළුන් 13 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජිහාඩ් ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරතව සිටි හමුදා සෙබළුන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි.
හෙලිකොප්ටර් යානා 2 ක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් කියා සිටියේ මියගිය හමුදා සෙබළුන් පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බවයි.
සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් සඳහා 2013 වසරේදී ප්‍රංශය සිය හමුදා සෙබළුන් දහස් සංඛ්‍යාවක් මාලි රාජ්‍යය වෙත අනුයුක්ත කළහ.
මේ වන විට ප්‍රංශ හමුදා සෙබළු 4,500 ක් පමණ මාලි, මොරිටේනියා, නයිජර්, බුර්කිනා ෆාසෝ සහ චැඩ් ජනරජවල සිය මෙහෙයුම් රාජකාරීවල නිරතව සිටිති.