පොලීසිය වෙබ් අඩවි කාර්යාලයක් වැටලුවේ ඇයි?

පොලීසිය වෙබ් අඩවි කාර්යාලයක් වැටලුවේ ඇයි?

by Staff writer 26-11-2019 | 8:16 PM
COLOMBO (News 1st) : දෙල්කඳ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් අද උදෑසන හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ. අප වාර්තාකරු පැවසුවේ, අද උදෑසන අදාළ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට පොලීසිය පැමිණ මෙලෙස පරික්ෂා කළ බවයි. ඒ වන විටත් එහි සේවකයන් සේවයේ නිරතව සිටි අතර පරික්ෂා කිරිමෙන්, ප්‍රකාශයක්ද සටහන් කරගෙන නිලධාරින් පිටව ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2179559495678959/