නවදිල්ලිය ඉලක්ක වූ ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ කෙරේ

නවදිල්ලිය ඉලක්ක වූ ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ කෙරේ

by Staff writer 26-11-2019 | 10:28 PM
COLOMBO (News 1st) : ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ මහා පරිමාණයේ ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ කිරීමට දිල්ලි විශේෂ පොලිස් ඒකකය සමත්විය. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ ඊට සම්බන්ධ පුද්ගලයන් තුන් දෙනෙකු මෙන්ම ඔවුන් සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන හතරක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි . මෙම ත්‍රස්තවාදීන් බංග්ලාදේශයේ අයි.එස්. ත්‍රස්තවාදීන් අනුකරණය කරමින්, දිල්ලි නගරයට ප්‍රහාර එල්ලකිරීමට පෙර ඇසෑම් ප්‍රාන්තයේ සැණකෙලියකට පහරදීමට සැලසුම් කර තිබූ බව ද ඉන්දීය බලධාරීහු සඳහන් කළහ.