by Staff writer 26-11-2019 | 8:39 PM
COLOMBO (News 1st) : තමන් මලයාසියාවේ සංචාරයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාට දැනුම් දුන්නේ ය.
ඒ, විදේශගතවීමේදී අධිකරණයට පූර්ව දැනුම්දීමක් කරන ලෙසට ලබාදී ඇති කොන්දේසියකට අනුවයි.
නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේටඩ් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවක දී අයුතු ලෙස රුපියල් මිලියන 30 ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන , වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා පැවරූ නඩුවට අදාළව මෙම කොන්දේසිය පනවා තිබේ.