by Staff writer 26-11-2019 | 9:18 PM
COLOMBO (News 1st) : එක්සත් රාජධානියෙන් මලයාසියාවට ගෙන්වූ කන්ටේනර් 42ක් යළි හරවා යැවීමට එරට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මලයාසියානු පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කන්ටේනර් තොගය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා මෙරටට ගෙන්වා ඇති බවයි.
ඒවායේ ප්ලාස්ටික් මෙන්ම අපද්‍රව්‍යය ද අඩංගු බවට සැක කෙරේ.
මේවාට අදාළව නිසි ලිපි ලේඛන නොමැති බව පෙන්වා දෙන එරට පරිසර අමාත්‍යංශය සදහන් කළේ, මේ සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදු වූ බවයි.
මලයාසියාව එවන් දැඩි තීරණ ගනිමින් ක්‍රියාත්මක වුවත්, නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට මෙරටට කසල කන්ටේනර් ආනයනය කිරීමේ සිද්ධිය රටට අනාවරණය වී දැන් සැලකිය යුතු කාලයක් ගතවී අවසන් ය.
ජුලි 06 - බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුලත් කන්ටේනර් 65 ක් රේගුවේ ඇති බවට අනාවරණයක්.
ජුලි 10 - රේගුව කන්ටේනර් කිහිපයක් විවෘත කරයි. - කන්ටේනර් වල කසල අඩංගු බව මූලික පරික්ෂණ වලින් හෙලි වෙයි.
ජුලි 12 - මේ හා සමාන කසල තොගයක් කටුනායක ආයෝජන කලාපයේ ගොඩ ගසා ඇති බවට නිවුස් ෆස්ට් තවත් අනාවරණයක්.
කසල තොග ගෙන්වීමට සම්බන්ධ ආයතන තුනක් කරලියට පැමිණියේ ය.
ජුලි 22 වන දා කසල තොග නැවත එම රටවලටම යැවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට මැන්ඩාමූස් රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.
කසල ආනයනයන රටට අනාවරණය වී සිව් මසක් ගතවී අවසන්වී තිබේ.
මලයාසියානු බලධාරින් ගත් ආකාරයේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙරට බලධාරින් තවමත් මන්දගාමී වීමට හේතුව කුමක්ද.?
කසල ආනයනයෙන් රටේ පරිසරයට කළ අපරාධයට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නේ කවදාද?
ඔවුන් තවමත් රටතුළ කිසිදු බාධාවකින් තොරව සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතින්නේ කෙසේද.?