උතුරු, නැගෙනහිරට හෙට සිට වැසි වැඩි වන ලකුණු

උතුරු, නැගෙනහිරට හෙට සිට වැසි වැඩි වන ලකුණු

by Staff writer 26-11-2019 | 4:49 PM
COLOMBO (News 1st) : උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට උදෑසන සිට තවත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ , දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කළේ, හෙට වන විට ඊසානදිග මෝසම් කාලගුණය දිවයින හරහා සම්පූර්ණයෙන් ස්පනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ හේතුවෙන් උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.