by Staff writer 26-11-2019 | 10:19 PM
COLOMBO (News 1st) : අමෙරිකාවේ වොෂිංටන් ගුවන් කලාපය ගුවන් යානයක් විසින් උල්ලංඝණය කිරීමත් සමග සමග ධවල මන්දිරය ආරක්ෂක හේතුන් මත වසා දැමීමට පියවර ගෙන තිබේ.
ගුවන් යානයක් විසින් වොෂිංටන්හී ගුවන් කලාපය උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් ද ගුවන් ගත කිරීමට අමෙරිකානු ගුවන් හමුදාව පියවර ගත්තේ ය.
ගුවන් කළාපය උල්ලංඝනය කළේ කවර ගුවන් යානයක්දැයි ආරක්ෂක බලධාරීන් මේ දක්වා හෙළිකර නොමැත.
කෙසේ වෙතත් විනාඩි 30කට අඩු කාලයකදී තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබේ.