කොල්ලකරුවන් දෙදෙනකුට 27 වසරක සිරදඬුවම්

කොල්ලකරුවන් දෙදෙනකුට 27 වසරක සිරදඬුවම්

කොල්ලකරුවන් දෙදෙනකුට 27 වසරක සිරදඬුවම්

කර්තෘ Staff writer

26 Nov, 2019 | 6:08 pm

COLOMBO (News 1st) : ගිනි අවි පෙන්වා වෙළඳසලක් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට අද වසර 27 බැගින් සිර දඬුවම් නියම කෙරිණ.

ඔවුන්ට සිර දඬුවම් නියම කළේ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතායි.

2007 වසරේ දෙසැම්බර් 4 වැනි දින මහරගම ප්‍රදේශයේ වෙළඳසලකට කඩා වැදී , ගිනි අවියක් පෙන්වා රුපියල් 30,000 ක මුදලක් සහ රුපියල් එක් ලක්ෂ 12,000 ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකෑම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 05 ක් ගොනු කර තිබිණ.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පෙර වැරදි ඇති බව අනාවරණයවීම නිසා , මහාධිකරණ විනිසුරුවරයා වසර 27 බැගින්වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරමින් රුපියල් 90,000 බැගින් දඩයක් ද නියම කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]