by Staff writer 26-11-2019 | 2:38 PM
COLOMBO (News 1st): දේශපාලන දඩබිම් සකස් කර මැතිවරණයට ඉදිරිපත්වීමට පවතින රජය සූදානම් නොමැති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තම ආණ්ඩුව පවතින නීති ක්‍රමවේදය සහ පොලීසිය විශ්වාස කරන බැවින් විශේෂ අධිකරණ හෝ විශේෂ පොලීසි ස්ථාපිත කර දේශපාලන දඩයම් සිදු කිරීමට අවශ්‍ය නොවන බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
ඔහු එම ප්‍රකාශය මාධ්‍ය වෙත කරනු ලැබුවේ විදේශගත වන බවට දැනුම්දීම සඳහා කොළඹ, බස්නාහිර පළාත් මහාධිකරණයට අද පැමිණි අවස්ථාවේදී ය.
මේ අතර රට ගොඩනැගිය හැකි ජාතිකවාදි අදහස් තිබෙන නව මුස්ලිම් සහ දමිළ නායකයින් තෝරා පත් කර එවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.