MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ - විමල් වීරවංශ

by Staff writer 25-11-2019 | 3:36 PM

COLOMBO ( News 1st ) -  විමල් වීරවංශ අමාත්‍යවරයා අද රාජකාරී ආරම්භ කරමින් ප්‍රකාශ කළේ, අමෙරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මේ රජය යටතේ අත්සන් නොකර බවයි.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය‍
පසුගිය කාලයේදී MCC ගිවිසුම ආන්දෝලනාත්මක වුණා. ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද මේ ගැන?
විමල් වීරවංශ මහතාගේ මහතාගේ පිළිතුර
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ.
මේ අතර අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලියගහ මන්දිරයේ ඇතැයි පසුගිය රජය සමයේ මුලින්ම හෙලිකළේ විමල් වීරවංශ මහතා ය. වීරවංශ මහතාගේ එම අනාවරණය සත්‍ය බව පසුව තහවුරු විය. විමල් වීරවංශ මහතාගේ මතවාද සමග අප සැමවිටම එකඟ නොවන අතර ඇතැම් කරුණු පිළිබඳව අප ඔහු විවේචනය කිරීමට ද පසුබට වන්නේ නැහැ. නමුත් MCC එකඟතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා දරන මතය සම්බන්ධයෙන් අපට ඇත්තේ ආඩම්බරයකි. එය අප පමණක් නොව සෑම ශ්‍රී ලාංකිකයෙකුම ආඩම්බරවන කරුණකි. විමල් වීරවංශ මහතා MCC එකඟතාවන් විවේචනය කරමින් ඊට එරෙහිව දරන ස්ථාවරය මුළු රටම අගය කරනු නොඅනුමාන ය.