CID නිලධාරීන් 704 කගේ විදෙස් ගමන් සීමා කෙරේ

CID නිලධාරීන් 704 දෙනෙකුගේ විදෙස් ගමන් සීමා කෙරේ

by Staff writer 25-11-2019 | 5:38 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් 704 දෙනෙකුගේ විදෙස් ගමන් සීමා කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම නිලධාරීන්ගේ නම් ඇතුළත් ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් වෙත අද යොමු කරනු ලැබූ බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු, විදෙස් ගතවීම සඳහා පැමිණියහොත් තමා දැනුවත් කරන ලෙස දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලිපියක් මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් නිලධාරියෙකු විදෙස් ගතවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවයි.