by Staff writer 25-11-2019 | 10:40 PM
COLOMBO ( News 1st ) - ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 ක ජාත්‍යන්තර වැඩසටහන අදින් ආරම්භ වේ.
මෙවර මෙහි තේමාව වී ඇත්තේ, 'සමානාත්මතාවය හා ස්ත්‍රී දූෂණයට එරෙහිව නැගී සිටීම' යන්න ය.
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර වැඩි අවධානයක් යොමු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යුරෝපා කලාපය පුරා කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගිකව හෝ ශාරීරිකව හිංසනයට ලක්වන බව සඳහන් වේ.