ශ්‍රීලනිප ආසන සංවිධායකවරු පත්කිරීමට කමිටුවක්

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු පත්කිරීමට කමිටුවක්

by Staff writer 25-11-2019 | 6:18 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ආසන සංවිධායකවරුන් පත්කිරීම, සිටින සංවිධායකවරුන්ගේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ නව සංවිධායකවරුන් යෝජනා කිරීම එම කමිටුවේ ක්‍රියාකාරිත්වය වනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම කමිටුව සමන්විතයි. මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මහින්ද අමරවීර පත්කර තිබේ. මීට අමතරව ස්වාධීන විද්වතුන් දෙදෙනෙකු ද මෙයට මෙම කමිටුවට පත්කිරීමට නියමිත බව මහාචාර්ය රෝහන ලක්ෂමන් පියදාස පැවසී ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මේ සතිය තුළ සිදුකිරීමට නියමිත බව ද සඳහන් ය.