by Staff writer 25-11-2019 | 5:09 PM
COLOMBO ( News 1st ) - දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය අනිද්දා වනවිට සම්පුර්ණයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කල හැකියි.
උතුරු , නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මධ්‍යම පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි ය.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.