බිබිල දොඩම් ගොවීන්ගේ මැසිවිල්ල

බිබිල දොඩම් ගොවීන්ගේ මැසිවිල්ල

by Staff writer 25-11-2019 | 9:47 AM
COLOMBO (News 1st) : දොඩම්වලට ප්‍රසිද්ධ බිබිලේ දොඩම් ගොවීන්ට, දොඩම් නොව ඉඩම් පවා අත්හැර යන්නට අද සිදුව තිබේ. ඊට හේතුව අස්වැන්නට නිසි වටිනාකමක් නොලැබීමයි. බිබිල හා අවට ප්‍රදේශවල ගොවීන් බලාපොරොත්තු රැසක් සමගින් මේ කන්නයේද දොඩම් වගා කර තිබුණේ ප්‍රධාන ආදායම් මාර්ගය එය බැවිනි. මෙලෙස සරු ඵලදාවක් ලැබුණත්, වැය කළ මුදලට සරිලන අවම ලාභයක් හෝ දොඩම් අලෙවියෙන් ලබාගත නොහැකි වූ බව ගොවීන් පැවසී ය.. ඵලදාව නෙළීමට හැකි දොඩම් අක්කර දහස් ගණනක් කැලෑ වදින්නට ඉඩහැර බලා සිටීම හැර වෙනත් විකල්පයක් මොවුන්ට ඉතිරිව නොමැත. ගොවීන් පවසන්නේ රජය මැදිහත් වී මෙම ගැටලුව කඩිනමින් විසඳා තමන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවයි.