බලපිටියේ Facebook සාදයක් වටලා 28ක් අත්අඩංගුවට

බලපිටියේ Facebook සාදයක් වටලා 28ක් අත්අඩංගුවට

by Staff writer 25-11-2019 | 10:26 AM
COLOMBO (News 1st) : අහුංගල්ල, බලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කරන්දෙණිය, කොස්ගොඩ, මිටියාගොඩ, බලපිටිය, ගාල්ල සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි 17 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි. ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 13 දෙනෙකු හැර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර තිබේ.