by Staff writer 25-11-2019 | 9:49 PM
News 1st - හොංකොංහි දිස්ත්‍රික් කවුන්සිල මැතිවරණයේ ප්‍රතිඵලය එරට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ හඬ නිරූපණය කළ බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.
දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ, ඒ අනුව හොංකොං නායිකා කැරී ලෑම්ට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවයි.
මෙවර හොංකොං හී දිස්ත්‍රික් කවුන්සිල මැතිවරණයේ ආසන 452 න් 90% ක ප්‍රමාණයක් හිමිකර ගනිමින් අතිවිශාල බහුතර බලයක් හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින්ට හැකි විය.
ඒ, අනුව දිස්ත්‍රික් කවුන්සිල 18න් 17ක පාලනය දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී මන්ත්‍රීවරුන් යටතේ ය.
මාස 5ක් පුරා හොංකොං වැසියන් චීනයෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යක් වෙනුවෙන් පැවැත්වූ විරෝධතාවල ප්‍රබලත්වය මින් මනාව පිළිබිඹු වන බව විදෙස් වාර්තාවල දැක්වේ.
ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් අති බහුතර ආසන ප්‍රමාණයක් හිමිකර ගැනීම හේතුවෙන් හොංකොං නායිකා කැරී ලෑම්ට සිය ඉල්ලීම් ඉවත දැමීමට නොහැකි වනු ඇතැයි, විරෝධතාවයේ නිරත හොංකොං වැසියෝ ප්‍රකාශ කළ හ.
පසුගිය ජුනි මාසයේ 9 වනදා මිලියනයකට ආසන්න හොංකොං වැසියන් වීථී බැස විරෝධතා ආරම්භ කළේ හොංකොං දේශය චීන පරිපාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය යුතු බවට බල කරමින් ය.