නව චූඩා මාණික්‍යය රුවන්වැලි සෑයේ තැන්පත් කෙරේ

නව චූඩා මාණික්‍යය රුවන්වැලි සෑයේ තැන්පත් කෙරේ

by Staff writer 25-11-2019 | 6:44 PM

COLOMBO ( News 1st ) - රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ මත තැන්පත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණි.

එම කටයුත්ත සිදු කෙරුණේ ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් ය. ස්වර්ණමාලි මහ සෑ රඳුන්ට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය වැඳපුදා ගැනීම සඳහා ජනතාවට පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේදී අවස්ථාව හිමි විය.