රජයට එරෙහිව කොලොම්බියාවේ මහජන විරෝධතා

තිදෙනෙකුට මරු කැඳවූ රජයට එරෙහිව කොලොම්බියාවේ මහජන විරෝධතා

by Staff writer 25-11-2019 | 10:01 PM

News 1st - කොලොම්බියා රජයට එරෙහි මහජන විරෝධතා සති අන්තය වනවිට රටපුරා ව්‍යාප්ත වෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බොගෝටා අගනුවර සහ ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර ස්ථාන කිහිපයකදී පිරිස් විසුරුවා හැරීමට කඳුළුගෑස් ප්‍රහාර ද එල්ල කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ ජනතා විරෝධතා ආරම්භ වුණේ ජනාධිපතිවරයාගේ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් ය. මීට අමතරව මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනයවීම ද මේ විරෝධතාවලට හේතුවකි. විදෙස් මාධ්‍ය පැවසුවේ, සති අන්තයේ විරෝධතාවලින් පුද්ගලයින් 3දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය. කොලොම්බියාවේ මෙම විරෝධතා ආරම්භ වූයේ චිලී හා බොලිවියා ඇතුළු ලතින් අමෙරිකානු රටවල් ගණනාවක ආණ්ඩු විරෝධී ජනතා ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.