කාන්තන්කුඩියේ වැවක ගිලීමෙන් තරුණයින් තිදෙනෙක් මරුට

කාන්තන්කුඩියේ වැවක ගිලීමෙන් තරුණයින් තිදෙනෙක් මරුට

by Staff writer 25-11-2019 | 6:56 PM

COLOMBO ( News 1st ) - කාන්තන්කුඩි, ආරයම්පදි ප්‍රදේශයේ වැවක ගිලීමෙන් තරුණයින් 3ක් අද මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට පමණ මසුන් ඇල්ලීම සඳහා තරුණයින් 04 දෙනෙකු ගොස් ඇති බවයි. එහිදී ඔවුන්ගේ ඔරුව පෙරළී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු දිවි බේරා ගෙන තිබේ. සිද්ධියෙන් අතුරුදන්ව සිටි තරුණයින් තිදෙනාගේ මළ සිරුරු අද පස්වරුවේ සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එලෙස මියගොස් ඇත්තේ 18 , 19 සහ 20 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.