මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමරස්වාමී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

by Staff writer 25-11-2019 | 5:47 PM

COLOMBO (News 1st) - මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමී මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

ඒ, දෙසැම්බර් 20 දින සිට බලපැවැත්වෙන පරිදියි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සඳහන් කළේ, මේ මස මුලදී තමන් ඉල්ලා අස්වීම භාරදුන් බවයි. එය තම පෞද්ගලික හේතුන් මත පදනම්ව ගත් තීන්දුවක් බවත් ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූ දේශපාලන වෙනස්වීම් හා සම්බන්ධව ගත් තීන්දුවක් නොවන බවත් ඔහු අවධාරණය කළේ ය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කළේ, 2016 වසරේ ජූලි මාසයේදීයි.