මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 4ක් රිමාන්ඩ්

රත්නපුරයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 4ක් රිමාන්ඩ්

by Staff writer 24-11-2019 | 4:36 PM
COLOMBO (News 1st) : රත්නපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. ඒ, සැකකරුවන් අද රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇප කොන්දේසි සම්පූර්ණ කළ එක් සැකකරුවෙකු මුදාහැර තිබේ. රත්නපුර ගලබොඩ, ගල්කදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ සැකරුවන් 5 දෙනා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 15 ක්, හෂීස් ග්‍රෑම් 1 ක් සහ කේරල ගංජා ග්‍රෑමයක් පොලීසිය භාරයට ගැනිණ.