by Staff writer 24-11-2019 | 11:55 AM
COLOMBO ( News 1st ) - මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු රත්නපුර, ගලබොඩ, ගල්කදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවක් ද වන බවයි.
එම සැකකාරිය මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් පිරිස මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් ය.
කැලණිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් අද රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.