by Staff writer 24-11-2019 | 11:20 AM
COLOMBO (News 1st ) - පොලිස් පාරිසරික දිසාව සහ පාරිසරික කොට්ඨාසය ප්‍රතිසංවිධානය කරමින් පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පොලීසිය අද විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.
ඒ, නිදහස් චතුරශ්‍රයේදී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය යළි ක්‍රියාවට නැංවූ බවයි.
පරිසරය ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරින් සිදු කරන ක්‍රියාවලිය ද රුවන් ගුණසේකර මහතා පැහැදිලි කළේ ය.
රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සුරක්ෂිත රටක් බිහි කිරීමේ කාර්යයේ දී ඉතා වැදගත් අංගයක් වන්නේ පරිසරය ආරක්ෂා කිරීම බවයි.
මේ අනුව ශ්‍රී ලංකා පොලීසියේ ඇති පාරිසරික දිසාවත් සහ පාරිසරික කොට්ඨාසයත් ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ විය.
මෙහිදී පාරිසරික දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත්, පාරිසරික කොට්ඨාසය භාර නව අධ්‍යක්ෂකවරයෙකුත් පත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
රිය අනතුරු අවම කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ රියැදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=o6cNAxa3u4g