by Staff writer 24-11-2019 | 11:46 AM
COLOMBO ( News 1st ) - ලබන මාසයේදී නව දුම්රිය බලවේග කට්ටල 8ක් මෙරටට ආනයනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.
සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, එම දුම්රිය බලවේග කට්ටලවලින් 06 ක් චීනයෙන් ආනයනය කෙරෙන අතර බලවේග කට්ටල 02ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවයි.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ එම නව දුම්රිය මහනුවරින් අලුයම 4.30ට කොළඹ කොටුව බලා පිටත් වන බවයි.
කොළඹ කොටුවෙන් පස්වරු 5.20 ට එම දුම්රිය මහනුවර බලා පිටත් වන බව ද ඔහු පැවසුවේ ය.