by Staff writer 24-11-2019 | 9:25 AM
COLOMBO ( News 1st ) - පුලියන්කුලම නයිනමඩු රක්ෂිතයේ අනවසර කැනීම් සිදුකළ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එහිදී එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවයි.
නිදන් වස්තු ගැනීමේ අරමුණින් මෙම කැනීම් සිදුකර ඇති බවට සැක කළ හැකි පුජා භාණ්ඩ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පැමිණි යතුරුපැදි 2ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් වවුනියාව සහ නැඳුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.