වැසි තත්ත්වයේ වර්ධනයක්

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින දෙසට

by Staff writer 24-11-2019 | 12:05 PM

COLOMBO ( News 1st ) - ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බොහෝ විට ලබන 27 වනදා සිට ඊසාන දිග මෝසම මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 - 150 ත් තද වැසි ඇති විය හැකි ය. මුලතිව්, වවුනියාව, අනුරාධපුර, රත්නපුරය, කෑගල්ල, කළුතර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි හැකි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.