by Staff writer 24-11-2019 | 8:36 PM
COLOMBO (News 1st) : ආරක්ෂක ඇමතිධූරය පිළිබඳව ව්‍යවස්ථානුකූල ගැටලුවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුව ත්‍රිවිද හමුදාවේ සේනාධිනායකයා බවට පත් කරන නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශයක් පවත්වාගෙන යාම තහනම් වන බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.
පත්කර ඇති 15 දෙනෙකුගෙන් යුත් නව භාරකාර කැබිනට් මණ්ඩලයට ආරක්ෂක අමාත්‍යවරයකු ඇතුළත් කර නොමැති නමුත් පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
කෙසේ වෙතත් ත්‍රවිධ හමුදාව ජනාධිපතිවරයා යටතට ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා නව රජයේ ජනාධිපති නීති උපදේශකයින් කටයුතු කරමින් සිටින බව ද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ වන විට නව රජයේ ආරක්ෂ ඇමතිවරයෙකු නොමැතිව ආරක්ෂක ලේකම් තනතුරක් පවතින අතර පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සැපියීම සඳහා නියෝජය ආරක්ෂක ඇමතිවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍ය වරයෙකු හෙට දිනයේදී පත් කිරීමට වැඩි ඉඩක් ඇති බව ද අදාළ සන්ඩේ ටයිම්ස් පුවත් පත පෙන්වා දෙයි.
https://www.youtube.com/watch?v=67BMthcQY0k