අන්තරාකාරී යතුරුපැදිකරුවන් 5ක් අත්අඩංගුවට

අන්තරාකාරීව යතුරු පැදි ධාවනය කළ තරුණයින් 5ක් අත්අඩංගුවට

by Staff writer 24-11-2019 | 9:06 PM
COLOMBO (News 1st) : අන්තරාකාරී ලෙස යතුරු පැදි ධාවනය කළ තරුණයින් පස් දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් ඒ සඳහා භාවිත කළ යතුරු පැදි ද සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොම්පඤ්ඤවීදිය හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.