by Staff writer 23-11-2019 | 7:00 PM
COLOMBO (News 1st) : දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂා අඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් රට තුළ සාමය ආරක්ෂාකර ගැනීම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකරනු ලබයි.
එම පනත යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර තිබේ.