by Staff writer 23-11-2019 | 9:29 PM
COLOMBO (News 1st) : රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කර තිබේ.
රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එය නියත වශයෙන්ම සිය ජනතාවගේ මූලික අභිලාස සපුරාලන අතර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට ද සමගාමී බවයි.
රුසියානු - ශ්‍රී ලාංකික සබඳතා සාම්ප්‍රදායික හා මිත්‍රශීලී බව ද ව්ලැදිමීර් පුටින් මහතා සඳහන් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ රාජ්‍ය නායකයා ලෙස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් ද්විපාර්ශ්වික සංවාදය තවදුරටත් වර්ධනය කිරීමට සහ විවිධ අංශවල සහයෝගීතාවට ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
නව ජනාධිපතිතුමාට සාර්ථකත්වය, යහපත් සෞඛ්‍යය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.