බෙලිහුල්ඔයේ ගිලී පුද්ගලයෙකු මරුට

බෙලිහුල්ඔයේ ගිලී පුද්ගලයෙකු මරුට

by Staff writer 23-11-2019 | 2:26 PM

COLOMBO ( News 1st ) - බලංගොඩ, අගලගම ප්‍රදේශයේදී බෙලිහුල්ඔයේ ගිලි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 5 ට පමණ ඔහු බෙලිහුල්ඔයේ දිය නෑමට ගොස් දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි. ඔහුගේ සිරුර අද දහවල් සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මියගොස් ඇත්තේ අගලගම ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.