by Staff writer 23-11-2019 | 10:30 PM
COLOMBO (News 1st) : පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මිලින්ද මොරගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවත්වීමෙන් වළකින ලෙසයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය බලමුලු ගැන්වීමට රජය අපේක්ෂා කළ යුතු බවත්, එමඟින් පාර්ලිමේන්තු මැතිවරණය අවසානයේ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවත් ඔහු යෝජනා කර තිබේ.
මොරගොඩ මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා යනු මිල අධික බෙදීම් සහ අකාර්යක්ෂමතාවලින් යුත් ව්‍යුහයක් යැයි මේ වන විටත් ඔප්පු වී ඇති බවයි.
ආගමික, ජනවාර්ගික හා කලාපීය විවිධත්වය පිළිබඳ ගැටලු විසඳීම සඳහා බලගතු සෙනෙට් සභාවක් හෝ එවැනි උසස් සභාවක් පිහිටුවිය යුතු බවට ද ඔහු යෝජනා කර තිබේ.