by Staff writer 23-11-2019 | 3:23 PM
COLOMBO (News 1st) : පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ලබන 27 වැනිදා සිට දින 6 ක එම ප්‍රදේශවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
කොළඹ , ගම්පහ, මාතලේ , යාපනය , මඩලකලපුව යන දිස්ත්‍රික්කවල සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ බල ප්‍රදේශයේ එම වැඩ සටහන් ක්‍රියාත්මකයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 73000 ක් බව වෛද්‍ය ජයසේකර මහතා සඳහන් කළේ ය.