ගෙවුණු කාලයේ පුද්ගලයින් 42කට අල්ලස් චෝදනා

ගෙවුණු කාලයේ පුද්ගලයින් 42කට අල්ලස් චෝදනා

by Staff writer 23-11-2019 | 5:53 PM
COLOMBO (News 1st) : වසරේ ගතවූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම හා ලබාදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 40 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, වැටලීම් 36 කදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර රාජ්‍ය නිලධාරින් මෙන්ම සිවිල් පුද්ගලයෝ ද වෙති. මේ අතර රුපියල් එක්ලක්ෂ අනුදහසක අල්ලසක් ලබාගැනීමේදී ඊයේ අත්අඩංගුවට ගත් හලාවත දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දේවාලයක නැති වූ වාලම්පුරි දෙකක් සොයාදීමට සහ දේවාලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා එම මුදල ලබාගෙන තිබිණ.