කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද සහ හෙට ජල කප්පාදුවක්

by Staff writer 23-11-2019 | 7:13 AM

COLOMBO ( News 1st ) - කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ඇති. කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ. මේ අතර කටුනායක - සීදූව, ජාඇල, වත්තල, මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය. ඊට අමතරව ජාඇල ප්‍රාදේශිය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උක්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන යන ප්‍රදේශවලට ද හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.