by Staff writer 23-11-2019 | 10:26 PM
COLOMBO (News 1st) : අවුරුදු තුනකට පෙර කරුවලගස්වැව එළිය කරන ව්‍යාපෘතියක් සම්පූර්ණ කර දෙන්නට ගම්මැද්දට හැකිවිය.
ඒ, එගොඩපිටියට ලබාදුන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයයි.
එහි තුන් අවුරුදු සැමරුම වෙනුවෙන් ගම්වැසියෝ ගම්මැද්ද
කණ්ඩායමට ආරාධනා කළහ.
කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයේ ජනතාව තම ජීවනෝපාය වූ කිරි කර්මාන්තයේ යෙදෙමින් කිරි එකතු කිරීම සිදු කළේ සැඳෑ අඳුරෙන් සිදුවන බාධා මධ්‍යයේයි.
ගම්මැද්ද ඔවුන්ට සහනයක් වෙමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ 2016 වසරේදීයි.
පහසුකම් සහිත මෙම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය භාවිත කරමින් ජනතාව ප්‍රතිලාභ ලබන ආකාරය වසර තුනකට පසු අපට දක්නට ලැබිණ.
අද පැවැති තුන් අවුරුදු සැමරුම් උපහාර උත්සවය වෙනුවෙන් ගම්මැද්ද කණ්ඩායම සමග ආරාධිතයෝ පිරිසක් ද සහභාගි වූහ.
ජනතාව ප්‍රකාශ කළේ, 100 කට අධික පිරිසක් මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිලාභ ලබාගන්නා බවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/443483239675881/