කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කටුනායක, සීදූව, ජාඇල, වත්තල-මාබෝලට පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 23-11-2019 | 4:02 PM
COLOMBO (News 1st) : කටුනායක, සීදූව , ජා-ඇල , වත්තල - මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊට අමතරව ජා-ඇල ප්‍රාදේශීය සභාව , වැලිසර , කෙරවලපිටිය , දික්ඕවිට , මාටාගොඩ , බෝපිටිය , උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ දියගම ළමා නගරය යන ප්‍රදේශවලට ද හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.