by Staff writer 23-11-2019 | 7:08 PM
COLOMBO (News 1st) : සිය පාක්ෂිකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයන්නැයි, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ඉල්ලීමට සම්පුර්ණ අවධානය යොමු කර ඇති ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා එක්ව තිබේ.
දේශපාලන කරුණු මුල්කර ගනිමින් රට තුළ කිසිදු කළබලකාරි සිදුවීමක් ඇතිවීමට ඉඩ නොදෙන බවආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ය.
ඊට අවශ්‍ය සියලු ක්‍රියමාර්ග ගෙන ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, එවැනි සිදුවීම් ඇතිවුවහොත් ඊට සම්බන්ධ වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.